News Line| Off Air| Games
Generic placeholder image

Aug
10

ඉන්ධන මිල අද සිට සංශෝධනයට.

975 Views


ඉන්ධන මිල අද සිට සංශෝධනයට.

ඉන්ධන මිල අද සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා. එම අමාත්‍යංශය සදහන් කලේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 157 දක්වා රුපියල් 2 කින් ඉහල දමා ඇති බවයි.

සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වා රුපියලකින් ඉහල දමා තිබෙනවා.

ඔක්ටේන් 92 සහ ඔටෝ ඞීසල් මිල ගණන් නොවෙනස්ව පවතන බවයි මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කලේ.

ඒ අනුව එම මිල රුපියල් 118 ක් ලෙසම පවතිනු ඇති.

මෙම මිල ගණන් සංශෝධනය සිදු ඇත්තේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාල විද්වත් කමිටුව අද රැස්වූ අවස්ථාවේදී.

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව එම නව මිල ගණන් හදුන්වා දී ඇත්තේ ලෝක වෙලදපොලේ ගතවූූ මාසයේ මිල ගණන් සැලකිල්ලට ගනිමින්.

ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් පසුගිය මස 6 වනදාද ඉහල දමනු ලැබවා.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post