අයහපත් කාලගුණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල අතර හෙට දක්වා පනවනු ලැබූ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 26 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සදහන් කලේ ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම ගුවන්තොටුපල තවදුරටත් වාසා ඇති බවයි.
කෙසේවෙතත් කොචින් බලා ගමන් ගැනීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට විකල්ප මාර්ග හදුන්වා දී ඇති බව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කලා.
ඒ අනුව එම මගීන්ට දකුණු ඉන්දියාවේ ත‍්‍රිවෙන්ද්‍රම් හෝ වෙනත් ඕනෑම ගුවන් තොටුපලකට අමතර ගාස්තුවකින් තොරව ගමන් කර එතැන් සිට ගොඩබිම් මාර්ගයෙන් කොචින් බලා ගමන් ගත හැකියි.
කොචින් සිට මෙරටට පැමිනීමට සිටි ගුවන්මගීන්ට මේ වන විට එරට නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර වෙනත් ගුවන්තොටුපලවල් හරහා මෙරටට පැමිණීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල අතර ගුවන් ගමන් අත්හිටුවීමක් සිදු කලේ පසුගිය 15 වනදායි.
Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka