News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

ගෝඨාභයගේ අභියාචනා පෙත්සම කැඳවීමට දින නියම වෙයි

345 Views


ගෝඨාභයගේ අභියාචනා පෙත්සම කැඳවීමට දින නියම වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචනා පෙත්සම සලකා බැලීම ලබන ජූලි මස 2වනදා සිදු කිරීමට අධිකරණය නියෝග කලා. ඒ එම පෙත්සම අද අචල සංගප්පුලී සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු වරුන් හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී.

ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමන් ඇතුලූ සැකකරුවන් 8 දෙනා නිදොස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබෙනවා. අදාල නඩුව පවරා ඇත්තේ ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් කොටී 1,140 ක පාඩුවක් සිදුව ඇති බවට චෝදනා කරමින්.

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන ජූලි මස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.  ඒ ඔවුන් අද ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහායිල් මහතා හමුවට කැදවු කැදවූ අවස්ථාවේදී. එහිදී හිටපු ජේ්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ එහිදී හිටපු ජේ්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාරගෙන් බන්ධනාගාරය තුලදී ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහාද අධිකරණය අවසර ලබා දුන් බවයි. .අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල ඉල්ලීමකට අනුව එම අවසරය ලබා දුන්නා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ හිටපු පොලිස්පතිවරයෙකු වූ ජයම්පති වික‍්‍රමරත්නගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වනදා ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post