News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

ප‍්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ.

498 Views


ප‍්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන කැනියන් නොටර්න්බි‍්‍රජ් මාවුස්සාකැලේ ඉහලකොත්මලේ සහ කලූතර කුකුලේ ගඟ යන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ආපදා කළමනාරණ මධ්‍යස්ථානය සදහන් කලේ කැළණි ගගේ ජල මට්ටම් කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශ වලිනුත් මහවැලි ගගේ ජල මට්ටම නාවල පිටිය ප‍්‍රදේශයෙනුත් ඉහල ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් පහල ජල ධාරා ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාව ඒ පිලිබදව අවධානයෙන් පසු වන ලෙසයි ආපදා කළමනාරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපය තුලදීත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර සහ ගාල්ල දිස්ත‍්‍රික්ක වලටත් එලෙස තද වැසි ඇති විය හැකි බවයි.

කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකි වනවා.

වයඹ උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් පැයට කිලෝ මීටර 60 ඉක්මවූ තද සුළං ඇති විය හැකියි.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ද පැයට කිලෝ මීටර 70 ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

අධික සුලං තත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ප‍්‍රදේශ කිහිපයක නිවාස 187 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

පස් කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බවයි ප‍්‍රදේශයේ අප වාර්තාකරු සදහන් කලේ.

පොලීසිය පැවසුවේ විකල්ප මාර්ග ලෙස ගිනිගත්හේන දියගල නෝටන්බි‍්‍රජ් මාර්ගය භාවිතා කරමින් ගමනාගමන කටයුතු සිදු කල හැකි බවයි.

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය ආශ‍්‍රිතව තවදුරටත් පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගය හරහා ගමන්කිරීමෙන් වැලකී සිටින ලෙසයි පොලීසිය දැනුම් දී සිටින්නේ.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post