මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඒ උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්.
සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් විදයාලය වසා දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අංශ කල දැනුම් දීමට අනුව මෙම පියවර ගත් බවයි කෘෂිකර්ම විද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කලේ.
කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තුළ සිසුන් 250කට අධික පිරිසක් ඉගෙනුම ලබනවා. ඉන් සිසුන් 11 දෙනෙකු රෝගීවීම හේතුවෙන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කෙරුනේ මැණික්හින්න රෝහලටයි.
එම සිසුන් උණ, වමනය, පාචනය ඇතුලූ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. උණ රෝගය පාලනය වූ වහා විද්‍යාලයේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කරන බවයි කෘෂිකර්ම විද්‍යාලයේ පාලනාධිකාරිය ප‍්‍රකාශ කලේ.
Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe