News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

මධ්‍යම කඳුකරයේ කාළගුණය අයහපත්.

310 Views


මධ්‍යම කඳුකරයේ කාළගුණය අයහපත්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ හරහා අද අලුයම හමා ගිය දැඩි සුළඟකින් අධි බලැති විදුලි රැහැන් පද්ධති ගණනාවකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් නෝර්වුඞ් නෝටර්න්බි‍්‍රජ් සහ හැටන් අවට ප‍්‍රදේශ රැසකට මේ වනවිට විදුලි බලය ඇණහිට ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ඇණහිට ඇති විදුලි සැපයුම යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.

පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටිමේ අවධානමක් ද හටගෙන තිබෙනවා.

පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ ඒ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි.

දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශ වලට වැසි තත්වයේ සහ සුලං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පලාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් අද දිනයේදී මිලි මීටර 75 ඉක්මවූ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post