News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කරයි

671 Views


වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කරයි

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කර තිබෙනවා. අද අලූයම සිදුකළ සැත්කමෙන් පසු නාහිමියන් තවදුරටත් හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි ප‍්‍රහාරයෙන් නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී තිබෙනවා. කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් හිමි නමක් බරපතල තුවාල ලැබුවේ ඊයේ රාති‍්‍රයේදීයි. විහාරාධිපති නාහිමියන් සහ අනෙක් හිමියන් කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී තිබුණා.

දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම සදහා සැකකරුවන් පැමිණි හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජිප් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් මගින් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post