News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

වැල්ලවායේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

340 Views


වැල්ලවායේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

වැල්ලවාය කුඩාඔය තිස් හයේ කනුව ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාති‍්‍රයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කුඩාඔය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි කුඩාඔය ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් ඝාතනය සදහා යොදා ගත් මෙරට නිශ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

Siyatha Top Story |10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post