News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

මහින්දගෙන් CID ය පැය දෙකහමාරක් ප‍්‍රශ්න කරයි.

336 Views


මහින්දගෙන් CID ය පැය දෙකහමාරක් ප‍්‍රශ්න කරයි.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප‍්‍රකාශය ලබා ගෙන ඉන් පිටව ගොස් තිබෙනවා.

එහි සිටින අප වාර්තාකරු පැවසුවේ එම නිලධාරීන් පැය 2 හමාරකට අධික කාලයක් එම ප‍්‍රකාශය ලබා ගෙන ඇති බවයි.

එම ප‍්‍රකාශය ලබා ගෙන ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණියේ පෙරවරු 11 යි 22 ට පමණයි.

ප‍්‍රකාශය ලබා දීම සදහා හිටපු ජනාධිපතිතුමා පෙරවරු 11 යි 26 ට පමණ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණියා.

ඒකාබදධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැුසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන සුසිල් පේ‍්‍රමජයන්ත අනුරප‍්‍රියදර්ශන යාපා එස් බී දිසානායක සහ සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේ ඇතුලූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුද අද හිටපු ජනාධිපති නිල නිවසට පැමිණ තිබුනා.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පසුව මුදා හැර තිබුණේ 2008 වසරේ මැයි මස 22 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post