ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින තරඟය මේ වෙද්දි මීර්පූර්වල පැවැත්වෙනවා. අැත්තටම මේ තරඟය ලංකාව සහ බංගලාදේශය අතර තරඟයකට වඩා බංගලාදේශය සහ හතුරුසිංහ අතර තරඟයක්.
කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. බංගලාදේශයේ අාරම්භක පිතිකරුවන් ජයග්‍රාහී ලකුණු ගණනකට කණ්ඩායම රැගෙන යන්න සමත්වුණා. ඉනිම අාරම්භ කරපු තමීම් සහ එනමුල් පළවෙනි කඩුල්ලට ලකුණු 71 ක සබඳතාවක් ගොඩනැගුවා. එනමුල් හක් ලකුණු 35 යි. ඊට පස්සේ පිටියේ එක්වුණ තමීම් සහ ෂකීබ් ලකුණු 99 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. ෂකීබ් ලකුණු 67 ක ලබා ගත්තා. එ් 4 පහර 7 සමඟින්.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කල තමීම් ඉක්බාල් ලකුණු 84 යි. එ් 4 පහර 7 ක් සහ හයේ පහර 2 ක් එක්ක. මුෂ්ෆිකර් රහීම් වේගවත් ලකුණු 62 ක් රැස් කරා. නායක මොටාසා ලකුණු 6 කට දැවී ගියා. රහමන් නොදැවී ලකුණු 24 යි.
ලංකාවේ පන්දු යවන්නන් කාටවත් බංගලි ප්‍රහාරයෙන් බේරෙන්න බැරි වුණා. තසර පෙරේරා කඩුලු 3 ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් කඩුලු 2 යි. ධනංජය සහ අසේල එක කඩුල්ල බැගින් දවා ගත්තා. පන්දුවාර 50 අවසන් වෙද්දී බංගලාදේශය ලකුණු 320 ක දැවැන්ත ලකුණු පුවරුවක් ලබා ගත්තා.
ලංකාවට ලකුණු 321 ක දැවැන්ත ඉලක්කයක් ලැබිලා තියෙනවා. එ් සදහා 6.41 ක ලකුණු වේගයක් පවත්වා ගන්න ඕන. සිම්බාබ්වේ තරඟයේ වැරදි හදා ගත්තා නම් ලංකාවට මේ ලකුණු ගණන ලබා ගන්න එක අපහසු නෑ. අපි බලමු ලංකාවේ පිතිකරුවන්ට හතුරුසිංහගේ නම්බුව රැක ගන්න පුළුවන් වෙයිද කියලා.