News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

මහාරාජ් ශ්‍රී ලංකාවේ කඩුලු දඩයමක.

520 Views


මහාරාජ් ශ්‍රී ලංකාවේ කඩුලු දඩයමක.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ පළවෙනි දවසට තරඟය නතර කරද්දි ලංකාව කඩුළු 9 ක් දැවී ලකුණු 277 ක් ලබා ගෙන හිටියා. දකුණු අප්‍රිකාවේ තුරුම්පු අාසියා වුන මහරාජ් ලංකාවේ පිතිකරුවන් එකා පිට එකා දඩයම් කරා.

කාසියේ වාසිය දිනා ගත්ත සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කලා. ඔහුගේ තීරණයට සාධාරණයක් කරන්න දිමුත් සහ දනුශ්ක සමත් වුණා ඔවුන් දෙදෙනා පළවෙනි කඩුල්ලට ලකුණු 116 ක් රැස් කරා. දිමුත් ලකුණු 57 යි. දනුෂ්ක ලකුණු 53 යි.

4 පහර 8 ක් සමඟින් ධනංජය සිල්වා ලකුණු 60 යි. මැතිව්ස්ට ලකුණු 21 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. ඔහු ඊයේ ටෙස්ට් ලකුණු 5,000 සීමාව පහුකරන්න සමත් වුණා. එ් ටෙස්ට් ලකුණු 5,000 පහුකල 9 වෙනි ශ්‍රී ලාංකීය පිතිකරුවා විදියට. රොෂේන් සිල්වා ලකුණු 22 යි.

ලංකාවේ එකම භීතිකාව වුණේ මහරාජ්. ඔහු ලංකාවේ කඩුළු 8 ක්ම බිඳ හෙළුවා. ලංකාවේදී ලංකාවට එරෙහිව ඉනිමකදී ලබා ගත් වැඩිම කඩුළු ගණන විදිය එය වාර්තා අතරට ගියා. හේරත් සහ අකිල අවසන් කඩුල්ල වෙනුවෙන් අද සටන් වදිනවා.


News Articles
Latest Videos
Most Popular Post