News Line| Off Air| Games
Generic placeholder image

Aug
22

තරංගට T20 බෑ කිව්ව අයට සුපිරි ශතකයකින් තරංගගෙන් පිළිතුරු.

1846 Views


තරංගට T20 බෑ කිව්ව අයට සුපිරි ශතකයකින් තරංගගෙන් පිළිතුරු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් වසන්තය ගෙන එන SLC T20 ලීග් ඊයේ ආරම්භ වුණා. පලවෙනි තරඟය පැවැත්වුනේ කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර. පලවෙනි තරඟයෙන් සුපිරි ආරම්භයක් ලබා දෙන්න උපුල් තරංග සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට දුන්නා. පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් ඔවුන් රැස් කර ගත්තා. සුපිරි ඉනිමක් කළ උපුල් තරංග 124 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 5 සහ 6 පහර 11 කින් වර්ණවත් වුණා. ජීවන් මෙන්ඩිස් පන්දු 13 කදී ලකුණු 30 යි.කසුන් රජිත සහ නිශාන් මෙන්ඩිස් කඩුලු 2 දවා ගත්තා.

ලකුණු 198 ක් ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායමේ ඉනිම ලකුණු 107 කට සීමා වුණා. ගාල්ල කණ්ඩායමේ පළවෙනි කඩුලු 3 ලකුණු 5 කට බිඳ වැටුණා. ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 54 යි. ඒ 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් සමඟ. අසේල ගුණරත්න ලකුණු 18 යි.

පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත්තා. ලහිරු මදුශංක කඩුලු 2 යි.

SLC T20 ලීග් තරඟාවලියේ දෙවෙනි තරඟය නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වුණා. කාසියේ වාසිය දිනා ගත්ත දඹුල්ල කණ්ඩායමේ නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 39 යි. රමිත රඹුක්වැල්ල ලකුණු 24 යි. දඹුල්ල කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු ගණනක් ලබා දුන්න අශාන් ප්‍රියන්ජන් වේගවත් ලකුණු 108 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 9 කින් සහ 6 පහර 6 කින් වර්ණවත් වුණා.

පන්දුවාර 20 අවසානයේ දඹුල්ල කණ්ඩායම ලකුණු 202 ක් රැස් කරා. ඒ කඩුලු 5 ක් දැවී. මිලින්ද පුෂ්පකුමාර කඩුලු 2 යි. ලසිත් මාලිංග. චරිත් අසලංක සහ සචිත් පතිරණ එක කඩුල්ල බැගින් දවා ගත්තා.

දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායම ලකුණු 184 ක සීමා කරන්න දඹුල්ලේ පන්දු යවන්නන් සමත් වුණා. තික්ෂිල ද සිල්වා ලකුණු 63 යි. 3 4 පහර 7 ක් සහ 6 පහර 4 ක් සමඟ. ළහිරු තිරිමාන්න ලකුණු 43 යි. ඉසුරු උදාන සහ ෂෙහාන් මදුශංක කඩුලු 2 බැගින් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post