කැබිනට් මණ්ඩලය අද රැස් වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී යි.
භාරකාර ආණ්ඩුව ඇතුලු වත්මන් දේශපාලන තත්වය සහ ආර්ථික තත්වය සම්බන්ධයෙන් වන කරුණු රැසක් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැුස්වීමක් ද පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.
රාත‍්‍රී 7.00ට එය ආරම්භ වන්නේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී යි. ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
කෙසේවෙතත් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ භාරකාර ආණ්ඩු යෝජනාව පිලිබදව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් කර නොමැති බවයි. භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් මේ දින වල දේශපලාන වේදිකාවේ විිවිධ අදහස් පල වනවා.