News Line| Off Air| Games
Generic placeholder image

Nov
8

හේරත්ගේ සමුගැනීමේ ගෞරවය බේරාගැනීමේ වගකීම පිතිකරුවන්ගේ කරට

536 Views


හේරත්ගේ සමුගැනීමේ ගෞරවය බේරාගැනීමේ වගකීම පිතිකරුවන්ගේ කරට

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටිනවා. සිය දෙවැනි ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 322/6ක් රැස්කරමින් ඉනිම අත්හිටවා නැවත පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කලා. එංගලන්තය වෙනුවෙන් කේ.කේ. ජෙනින්ග්ස් ලකුණු 146 ක් නොදැවී රැස්කක අතර මේ ඉනිමේ රංගන හේරත් කඩුලු දෙකක් බිදහෙළනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ගන්න ලකුණු 462ක් ඉලක්කයක් හිමිඋනා.
හෙට තරගයේ සිවූවන දිනය වන අතර ඊයේ දිනයේ දිනේෂ් චන්දිමාල් සහ අද දිනයේ ධනංජය දි සිල්වා තරගය අතරතුරදී අබාධයන්ට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post