කටුනායක ගුවන් තොටට පිවිසෙන මගීන්ට විශේෂ දැනුම් දීමක් « Siyatha 24
Generic placeholder image



Dec
3

කටුනායක ගුවන් තොටට පිවිසෙන මගීන්ට විශේෂ දැනුම් දීමක්

318 Views


Generic placeholder image

ආඬිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා වූ මාර්ගයේ එක් මංතීරුවක් ලබන 7 වනදා සිට වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම පවසනවා.

කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ආඩිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර ඒ අනුව ලබන 7 වනදා පස්වරු 06.00 සිට පසුදින වන දා මධ්‍යම රාත්‍රී 12.00 තෙක් අදාල මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම සඳහන් කරනවා.

මේ හේතුවෙන් මිනුවන්ගොඩ, කිඹුලපිටිය දෙසින් නයිකන්ද ප්‍රදේශය ඔස්සේ ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගුවන් තොටුපළ කළමනාකාරිත්වය දැනුම්දෙනු ලබනවා.






News Articles
Siyatha Videos
Most Popular