ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්න කියලා ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාත් ප්‍රතික්ෂේප කරා කියලා සියත 24 වෙත දැනගන්න ලැබුනා.
අරවින්ද පවසන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සුදුසු ම අවස්ථාව මෙය නොවන බවයි.
එම යෝජනාව මේ වෙද්දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව ක්‍රිකට් ආයතනයේ යෝජනාවට අනුව ක්‍රිකට් උපදේශක කමිටුවට එන්න කියලා ක්‍රීඩා ඇමතිතුමාගෙන් කළ ආරාධනය සියලුම හිටපු ක්‍රීඩකයන් ඒකමතිකව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.