News Line| Off Air| Games
Generic placeholder image

Jun
17

ධනංජය පන්දුව පළුදු කරාද? විනිසුරු බොරු චෝදනා කරාද? ඊයේ තරඟයේ ඇත්තටම සිද්ධ වුන දේ මෙන්න.

2316 Views


ධනංජය පන්දුව පළුදු කරාද? විනිසුරු බොරු චෝදනා කරාද? ඊයේ තරඟයේ ඇත්තටම සිද්ධ වුන දේ මෙන්න.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරනගයේ තුන්වෙනි දවස ඊයේ පැවැත් වුණේ. ඊයේ තරඟයේ සිද්ධ වුන සිදුවීමක් ගැන මේ වෙද්දී ක්‍රිකට් ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම ප්‍රතික්ෂේප කිරීම.

ඒකට හේතු වුනේ විනිසුරුවන් ලංකාව පන්දුව පළුදු කරා කියලා චෝදනා කිරීම. තරඟයේ දෙවෙනි දවසේදී ධනංජය ද සිල්වා බැන්ඩේජ් ඔතපු අතින් පන්දුව පිරිමදිනවා රූපවාහිනී දර්ශන වලින් පෙන්නනවා. ඊට පස්සේ ඉයන් ගුල් (එංගලන්තය) විනුසුරුවරයා ඇවිත් ධනජය සහ පන්දුව පරික්ෂා කරනවා. කොහොම වුනත් ඒ අවස්ථවේ විනිසුරුවරයා කිසිම වැරද්දක් කියන්නේ නෑ.

පසුව තරඟය අතරතුර දී විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරික්ෂා කරන වළලු වලින් පන්දුව පරික්ෂා කරා. මේ අතරේ නායක දිනේෂ් චන්දිමාල් හා සංවාදයක නිරත වෙනවා දකින්න ලැබුණා. හැබැයි තරඟයේ දෙවෙනි දවසේ කිසිම චෝදනාවක් විනිසුරුවන් ලංකාවට එල්ල කරන්නේ නෑ.

එත් තුන්වෙනි දවස ආරම්භයේදීම පිටියේ විනිසුරුවන් වූ අලිම් ඩාර් (පාකිස්තානය) සහ ඉයන් ගුල් (එංගලන්තය) විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව පළුදු කරා කියලා චෝදනා කරනවා. ඒ වගේම කොදෙව්වන්ට දඬුවම් ලකුණු 5 ක් ලබා දීලා අලුත් පන්දුවක් තරඟයට ලබා දෙනවා.

විනිසුරුවන්ගේ මේ තීරණයට නායක චන්දිමාල් සහ අනෙකුත් ක්‍රීඩකයින් විරෝධය දක්වනවා. ඒ නිසා ඔවුන් පන්දු රකින්න පිටියට එන්නේ නෑ. තරඟ තීරක ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ මේ ගැන ක්‍රීඩාගාරයේ ඉඳන් සාකච්ඡා කරනවා රුපවාහිනී දර්ශන වලින් දකින්න ලැබුණා.

මේ සිදුවීම ගැන චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ දැඩි ආවේගයකින් කටයුතු කරනවා දකින්න ලැබුණා. අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට මේ බව දැනුම් දීලා උපදෙස් ලබා ගත්තා. අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් මත ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර
ගන්න ලංකාවේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්න පිටියට ආවා.


News Articles
Latest Videos
Most Popular Post