News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

කුසලානය දකුණු අප්‍රිකාවට දුන්නත් ශ්‍රී ලංකාව නම්බුව බේරා ගනී. – Photo

926 Views


කුසලානය දකුණු අප්‍රිකාවට දුන්නත් ශ්‍රී ලංකාව නම්බුව බේරා ගනී. – Photo

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ජයග්‍රහණයේ මාවතේ බව ඊයේ තවත් සනාත වුණා. ඒ දකුණු අප්‍රිකානුවන්ට තවත් අමතක නොවන පරාජයක් උරුම කරලා දීලා. අවසන් එක්දින තරඟය ලකුණු 178 කින් ජයග්‍රහණය කරලා.

කාසියේ වාසිය දිනා ගත්ත මැතිව්ස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. සාර්ථක ආරම්භයක් ලංකාවට ලබා දුන්න දික්වැල්ල ලකුණු 43 ක් රැස් කරා. කුසල් මෙන්ඩිස් ලකුණු 38 යි. ධනංජය ද සිල්වා ලකුණු 30 යි.

කාලෙකට පස්සේ නායකත්වයේ ඉන්මක් ක්‍රීඩා කළ මැතිව්ස් නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහරක් ඇතුලත් වුණා. පන්දුවාර 50 අවසන් වෙද්දී ලංකාව ලකුණු 299 ක් ලබා ගත්තා. ඒ කඩුලු 8 ක් දැවී.

ලකුණු 300 ක් ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන් දණ ගස්වන්න ලංකාවේ පුංචි දඟයා සමත් වුණා. ලංකාවේ පන්දු යවන්නන් අප්‍රිකානු ඉනිම ලකුණු 121 කට සීමා කරා. නායක ඩි කොක් ලකුණු 54 ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගෙන් සාර්ථක වුණේ ඔහු විතරයි. මාක්‍රම් ලකුණු 20 යි. අනිත් කිසිම පිතිකරුවෙක්ට ලකුණු 20 සීමාව පහු කරන්න අවසර ලැබුණේ නෑ.

පන්දුවාර 24.4 කදී දකුණු අප්‍රිකා ඉනිම නිමා වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වුන අකිල ධනංජය ලකුණු 29 ට කඩුලු 6 ක් දවා ගත්තා. ලහිරු කුමාර කඩුලු 3 යි.

තරඟයේ වීරයා අකිල ධනංජය. තරඟාවලියේ වීරයා ඩුමිනි. තරඟාවලිය 3 – 2 ක් විදියට ජය ගන්න දකුණු අප්‍රිකානුවන් සමත් වුණා. ඊයේ තරඟයේදී ලංකාව වාර්තා කිහිපයක් අලුත් කරා. එක්දින තරඟ වලදී කඩුලු 6 අවස්ථා 2 ක් වාර්තා කල 4 වෙනි දඟ පන්දු යවන්නා විදියට අකිල වාර්තා අතරට ගියා. දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරඟයකදී ලංකාව ලබා ගත්ත දෙවෙනි විශාලම (ලකුණු වලින්) ජයග්‍රහණය ලෙස ඊයේ තරඟය වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post