News Line| Off Air| Games
Generic placeholder image

Apr
1

සාකච්ඡා සාර්ථකයි. ස්මිත්ට සහ වෝනර්ට පැනවූ තරඟ තහනම අවලංගු කරයි. – Exclusive

24277 Views


සාකච්ඡා සාර්ථකයි. ස්මිත්ට සහ වෝනර්ට පැනවූ තරඟ තහනම අවලංගු කරයි. – Exclusive

පන්දුව පළුදු කරලා අහුවුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනාට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තරඟ තහනමක් පැනෙව්වා. ඒ ස්මිත්ට සහ වෝනර්ට මාස 12 කුත් කැමරන්ට මාස 9 කුත් විදියට. හැබැයි ලෝකය වටේම ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් කිව්වේ මේ දඩුවම සර වැඩි කියලා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හොර කරලා දිනන්න හදපු දකුණු අප්‍රිකාවේ නායක ෆැෆ් දු ප්ලේස්සිස් කිව්වෙත් මස 12 ක් හොඳටම වැඩි කියලා. කුමාර් සංගක්කාර සහ ඇන්ජෙලෝ මැතිව්ස් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කිව්වේ ඔවුන්ට තවත් අවස්තාවක් දෙන්න කියලා. ඕස්ට්‍රේලියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් 110 කගේ අත්සනින් යුතුව ලිපියක් ඊයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට බාර දුන්නා.

මේ ලිපියෙන් ඔවුන් ඉල්ලා සිටියේ දඬුවමට ලක්වුන ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ පෙර හැසිරීම් ගැන සලකා ඔවුන්ට තව අවස්තාවක් දෙන්න කියලා.ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩකයින් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අතර ඊයේ හවස විශේෂ සාකච්ඡාවකුත් මේ ගැන තිබ්බා. අවසානයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කරේ ඔවුන්ගේ මස 12 ක ක්‍රිකට් තහනම අත්හිටුවන්න. ඒ වෙනුවට මස 6 ක පරිවාස කාලයකට යටත් කරන්න.

මේ සිද්ධිය නිසා ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමෙන් ඉවත් වුන ඩේවිඩ් වෝනර් නැවතත් කණ්ඩායමට එකතු කර ගන්නවා කියලත් ඔවුන් සඳහන් කරා, කොහොම වුනත් මීට පස්සේ මේ වගේ සිදුවීම් නොවෙන්න නීතිරීති ගෙනාවා කියලත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කරා.

(කියවලා ඉවරද? එහෙනම් පොඩ්ඩක් අද දවස බලන්න. දැන් තේරුණා නේද? ඔව් ඔව් මෝඩයාගේ දවසේ ඔයත් අහුවුණා. දැන් ඉතින් තව යාලුවෙක් මෝඩයා කරන්න දෙන්න Share කරන්න.)


News Articles
Latest Videos
Most Popular Post