News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

සෑම වසරකම ජනවාරි 24 සාරධර්ම දිනය ලෙස නම් කිරිමට පියවර

643 Views


සෑම වසරකම ජනවාරි 24 සාරධර්ම දිනය ලෙස නම් කිරිමට පියවර

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිසුන් ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවා.

සාරධර්ම දිනය යෙදී ඇති දිනයේ පෙරවරු 07.30 සිට පෙරවරු 08.00 දක්වා කාලය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මඟින් සියලුම පාසල් විදුහල්පතිවරුන්, සියලු පරිවේනාධිපතිවරුන්, විද්‍යාපීඨ කොමසාරිස්වරුන් ඇතුලු සියලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post