News Line| Off Air| Games
Generic placeholder image

Mar
21

සුමන්තිරන්ට හා ශ්‍රිධරන්ට චෝදනා

585 Views


සුමන්තිරන්ට හා ශ්‍රිධරන්ට චෝදනා

ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රිවරුන් ජිනිවා නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට විරුද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය.

මේ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත්,ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහජන එක්සත් පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය බටහිර රටක විදේශ අමාත්‍යංශයක් ලෙස කටයුතු කරන බවත්,ලෝකයේ වෙනත් කිසිදු රටක මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකි බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post