News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

ජනතාවගේ ඉල්ලීම මත සුපිරි ක්‍රීඩකයා පොහොට්ටුවෙන් දේශපාලනයට… – EXCLUSIVE

7510 Views


ජනතාවගේ ඉල්ලීම මත සුපිරි ක්‍රීඩකයා පොහොට්ටුවෙන් දේශපාලනයට… – EXCLUSIVE

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එළැඹෙන පළාත් සභා මැතිවරණයට එක් වන බවට කසු කුසුවක් පහුගිය කාලයේ පැතිරුණා. ඒත් ඒ කවුද? කොහෙන්ද කියන එක ගැන හොයාගන්න මේ වෙද්දීත් කට්ටිය උනන්දු වෙනවා. ඒ අතරේ සියත 24 අපට පුළුවන් වුණා මේ පුද්ගලයා කවුද කියන කාරණය සහ ඔහුගේ මැතිවරණ කටයුතු වල සියළුම කරුණු හොයාගන්න.

මේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා තමයි, තරංග පරණවිතාන. ඔහු මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව ආසනයෙන්. ඒ වගේම තමයි ඔහු මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති පොදුජන එක්සත් පෙරමුණෙන්.

අපි මේ ගැන තරංගගෙන් අහපු වෙලාවේ ඔහු කිව්වේ, මැතිවරණයට ඉදිරිපත්වෙන්න කියල ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් තිබුණු බවත්, මේ වෙද්දී ඔහුට සහය පලකරන්න විශාල ජනතාවක් ඔහු වටා එක වෙලා ඉන්නව කියලයි.


News Articles
Latest Videos
Most Popular Post