News Line| Off Air| Games
Generic placeholder image

Sep
14

අගමැති රනිල් රටේ නැති අතරේ ජනපති මෛත්‍රී කැබිනට් රැස්වීමක් කැඳවූ රහස මෙන්න

879 Views


අගමැති රනිල් රටේ නැති අතරේ ජනපති මෛත්‍රී කැබිනට් රැස්වීමක් කැඳවූ රහස මෙන්න

ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිස්සියේම ජනාධිපති කාර්යාලයට කැඳවු විශේෂ කැබිනට් රැස්වීම ගැන ගොඩ අය කතා කරන්න පටන් ගත්තා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් රටේ නැතිවෙලාවේ මෙලෙස හදිස්සියේම කැබිනට් රැස්වීමක් කැඳවීම නිසා.

ඒ විතරක් නෙවෙයි මෙහිදී සාකච්ඡා කළ කරුණු මාධ්‍යට ලබා නොදෙන්නයි ඔවුන් එකඟවෙලා හිටියේ. ඒ කොහොම වුණත් නීතිමය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදී තිබුණා කියලයි ආරංචි.

” කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකදී තරුණයන් 8 දෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මේ වන තෙක් සිදුකර ඇති පරීක්‍ෂණවලදී දැනට වැරැදිකරුවන් බවට පත්ව සිටින පුද්ගලයන්ට එරෙහිව වහාම නඩු පැවරීමට කටයුතු කරන්න.

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් අතරින් වැරැදිකරුවන් වේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න. හැබැයි නිරපරාදේ ඔවුන් රඳවාගෙන රඳවාගෙන ඉන්න එපා. හමුදා නිලධාරීන් මෙසේ රඳවාගෙන සිටීමෙන් සිදු වෙන්නේ ඔවුන් අපහසුතාවට හා පීඩාවට පත් කිරීමක්‌.මීට පස්සේ මෙවැනි දේවල් සිදු වෙන්න ඉඩ තියන්න එපා. “

මේ විදිහට උපදෙස් දුන්නු ජනපති එහිදී තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව ද හෑල්ලුවට ලක් කර තිබුණා. ඒ පහුගියදා ඔහු උසස්‌ හමුදා නිලධාරීන් විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයන් හේතු කරගෙනයි.

 


News Articles
Latest Videos
Most Popular Post