News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

1548 Views


මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වී තිබෙනවා. ඒ කොම්ෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

විදෙස්ගතව සිට දිවයිනට පැමිණි කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතාද එම රැස්වීමට සහභාගී වු බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු සදහන් කළේ. එහිදී මහ මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ගේ සාකච්ඡාවක් අද පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභා පරිශ‍්‍රයේදීයි. එහිදී මහ මැතිවරණයට අදාළ මුලික කටයුතු පිලිබද සාකච්ඡා කර තිබෙනවා.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැඳුම්පත් භාරගැනීම හෙට සිට 16 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි. තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් සම්පූර්ණ කිරීමේදි 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ තොරතුරු ඇතුලත් කරන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලිමක් කර සිටිනවා.

මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය අනුවයි. ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 1 කෝටි 62 ලක්ෂ 63 න් දහස් 885 ක් සුදුසුකම් ලබා සිටිනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය 02 වනදා මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කළා.

මහ මැතිවරණයට අදාළ මෙහෙයුම් මැදිරි සෑම පොලිස් ස්ථානයකම ස්ථාපිත කර තිබෙනවා. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණය කිරීම සහ මැතිවරණ නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර අති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post