News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

ලෝකයේ අන්තිම පිරිමි සුදු රයිනෝ මිය යයි.- Exclusive

945 Views


ලෝකයේ අන්තිම පිරිමි සුදු රයිනෝ මිය යයි.- Exclusive

මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මිහිමතින් සත්තු විශාල ප්‍රමාණයක් වඳ වෙලා යනවා. පැන්ඩා, යෝධ ඉබ්බා, අලියා, රයිනෝසිරස් කියන්නේ ඒ වගේ වඳවීමේ තර්ජනයට මුහුණ දුන්න සත්තු වර්ග කිහිපයක්. ඒ වගේ අතිශය දුර්ලභම සත්ව කොට්ඨාශයක් තමයි සුදු රයිනෝ කියන්නේ.

ලෝකයේ එකම පිරිමි සුදු රයිනෝ ජිවත් වුණේ කෙන්යාවේ. මේ සුදු රයිනෝව “සුඩාන්” කියන සුරතල් නාමයෙන් තමයි ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනේ. දඩයක්කරුවන්ගෙන් තිබ්බ තර්ජන නිසා සුඩාන් ජිවත් වුණේ හමුදා ආරක්ෂාව යටතේ. පැය 24 පුරාම සුඩාන්ට හමුදා ආරක්ෂාව දීලා තිබ්බා.

45 වන වියේ හිටිය සුඩාන් මිට සුළු මොහොතකට කලින් මිය ගියා. එත් එක්කමලෝකයේ අවසන් පිරිමි සුදු රයිනෝ මිහිමතින් තුරන් වුනා. මේ නිසා සුදු රයිනෝ විශේෂය මිහිමතින් තුරන්වීමේ අවදානමට ලක්වෙලා තියෙනවා. දැනට ලෝකයේ ඉතිරි වෙලා ඉන්නේ සුදු රයිනෝ ගැහැණු සතුන් දෙදෙනෙක් විතරයි.

කෙන්යාවේ බලධාරීන් පවසන්නේ සුඩාන් මැරුණේ ස්වභාවික මරණයකින් කියලා. සුඩාන්ගේ මරණයත් එක්ක මිනිස්සුන්ට ලෝකය ගැන හිතන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවා. මේ විදියට සත්තු මිහිමතින් වඳ වෙලා ගියොත් මිනිසාගේ අවසානයත් වැඩි ඈතක නොවෙන්න පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post