News Line| Off Air| Games
Generic placeholder image

Jan
30

කොරෝනා නිසා දින 03 ක් තුල මියගිය ගණන තව දුරටත් ඉහළ යයි

678 Views


කොරෝනා නිසා දින 03 ක් තුල මියගිය ගණන තව දුරටත් ඉහළ යයි

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7 700 කට ආසන්නයි.

මේ අතර වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍යය බවට ෆින්ලන්තය පත්ව තිබෙනවා. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතිනවා.

මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයයි. එහි සංචාරය සඳහා මීට දින කිහිපයකට පෙර වූහාන් සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් මෙසේ වෛරස ආසාදනයෙන් පෙළෙන බව එරට වාර්තා අද අනාවරණය කෙරුණා . මේ අතර නව කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගතවූ දින 3ක කාලය තුළ කැපී පෙනන ලෙසින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබෙන අතර මෙම තත්ත්වය සලකා සමස්ත ලෝකය දැඩි සේ අවදානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානියා අවධාරණය කළා.

එමෙන්ම කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය පිළිබද සොයාබලා එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙසින් නම් කළ යුතුද නැතිද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එම ආයතනය පවසනවා.

මේ අතර චීනය වෙත ගුවන් ගමන් අවලංගු කිරීමට ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයක් තීරණය කර තිබෙන අතර එමෙන්ම චීනයේ ඇති සිය කාර්යාල වසා දැමිමට ගූගල් සමාගමද තීරණය කර ඇති අතර සමාගම පවසන්නේ, සිය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.

තවද චීනයේ නැන්ජියෑන් නුවරදී පැවැත්වීමට නියමිතව පැවැති ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියද ද කල්දැමීමට බලධාරීන් තීන්දු කර තිබෙනවා. අදාළ තරගාවලිය ලබන මාර්තු මස 13-15 කාලසීමාවේදී පැවැත්වීමට නියමිතව පැවතියා.

මේ අතර ගත වූ දින හතර තුළ චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. චීනයේ ග්වැන්ෂෝහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 25 දෙනෙකු පමණ අද අලුයම දිවයිනට පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post