News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘතයි

838 Views


ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘතයි

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක 011-2354550 / 0112354655 ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක, 0112354354 අමතා – දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

එමෙන්ම කපිල ගුණසිංහ, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077-3743718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකයි

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම් දීම් සඳහා දුරකථන අංක 0112860003 / 0112860004 විවෘතව තැබේ.

0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැකයි.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරෙන බව එම ‍නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post