News Line| Off Air| Games
Generic placeholder image

Oct
13

අතුරුදහන් වුන ආරාබි මාධ්‍යවේදියාගේ රහස හෙළිවෙයි

1024 Views


අතුරුදහන් වුන ආරාබි මාධ්‍යවේදියාගේ රහස හෙළිවෙයි

දවස් 12 ක් අතුරුදහන් වෙලා හිටපු සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කාගෝෂ්ව ඝාතනය කරලා කියලා බුද්ධි අංශයට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ සවුදි අරාබියානු තානාපති කාර්යාලයේදි ප්‍රශ්න කිරීම් සහ වදහිංසා වලට ලක් කරලා.

ජමාල් තමන්ගෙ පළමු බිරිඳගෙන් දික්කසාද වෙන්න අවශ්‍යය ලිපි කිහිපයක් ගන්න තුර්කියේ සවුදි තානාපති කාර්යාලයට ගිය පසු අතුරුදහන් වෙලා කියලා ඔහුගෙ පෙම්වතිය බලධාරීන්ට පැමිණිලි කරලා.

මේ සිද්ධියත් එක්ක සවුදිය හා තුර්කිය අතර රාජතාන්ත්‍රික ගැටලුවක් මතු වෙලා තියෙනවා.සවුදි රජය කියන්නේ මේ මාධ්‍යවේදියා තානාපති කාර්යාලයට ඇවිත් ගිය බවයි.

ඔක්තෝම්බර් මාසෙ 2 වෙනිදා මේ මාධ්‍යවේදියා තානාපති කාර්යාලයට එන ආකාරය සීසීටීවී කැමරා දර්ශන වල සටහන් වෙලා තියෙනවා. ඊට පසුව තානාපති කාර්යාලය ඇතුලෙදි ප්‍රශ්න කිරීම් හා පහර දීම් වලට අදාල හඬ පටයක් තුර්කි බුද්ධි අංශය සොයා ගෙන තියෙනවා.

සවුදි තානාපතිවරයාගේ නිල නිවස ලඟ නවතා තිබූ කලු වාන් රථයක් ගැනද තුර්කි බුද්ධි අංශය කරුණු අනාවරණය කරගෙන තියෙනවා. තුර්කි බුද්ධි අංශය සොයාගෙන තියෙන හඬ පටිය විමර්ශනයට ඇමරිකාවට බාර දීලා තියෙනවා.

මේ සිද්ධිය නිසා අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවුදි රජයත් එක්ක පැවතුන සියලු සාකච්ඡා නතර කර තිබෙනවා. ජමාල් සමග සේවය කළ මාධ්‍යවේදියෙක් විදෙස් මාධ්‍යට පවසලා තියෙන්නෙ ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණ අල් – කයිඩා ප්‍රහාරය සම්බන්ධව ඒ ත්‍රස්ත කණ්ඩායම හා සවුදි අරාබිය රජ පවුල සමග තිබ්බ සම්බන්ධතාවන් ගැන ජමාල් සියලු විස්තර දන්න බවයි.

නැවතත් තමන්ගෙ රටට ගියොත් තමන්ව අත්ඩංගුවට ගනී කියන බයට ඔහු ඇමරිකාවේම රැඳී ඉඳලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post