News Line| Off Air| Games
Generic placeholder image

Jul
11

කන්දකාඩු උපදේශකවරයාගේ පුතුන්ටත් වෙෙරසය ආසාදනය වෙයි

850 Views


කන්දකාඩු උපදේශකවරයාගේ පුතුන්ටත් වෙෙරසය ආසාදනය වෙයි

කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පුතුන් දෙදෙනාට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර මෙම උපදේශකවරයා හා ඔහුගේ පුතුන් දෙදෙනා ද සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ උපදේශකවරයාගේ බාල පුතුගේ වයස අවුරුදු එක හමාරක් වන අතර වැඩිමහල් පුතුගේ වයස අවුරුදු 11කි.

මොවුන් තිදෙනා රාජාංගනය යාය 5 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අතර අදාළ උපදේශකවරයා සහභාගී වු රාජාංගනය යාය 5 ප්‍රදේශයේ මළ ගෙදරක සිටි පුද්ගලයින් 150ක් හා ඔහුගේ වැඩිමහල් පුතු සහභාගී වු පන්තියක සිටි ළමුන් 70ක් ද වේ.


News Articles
Latest Videos
Most Popular Post