News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

මතුගම නගරයට කුරුළු ආක්‍රමණයක්. – Photo

862 Views


මතුගම නගරයට කුරුළු ආක්‍රමණයක්. – Photo

පහුගිය දවසක මතුගම නගරයට අමුත්තෝ පිරිසක් ආවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. දහස් ගණනක් අමුත්තෝ මතුගම නගරය ආක්‍රමණය කරා. විදේශ ආක්‍රමණයක් කිව්වත් වරදක් නෑ. මොකද මේ විදියට මතුගමට ආවේ සංචාරක පක්ෂීන් පිරිසක් වුන අටු වැහිලිහිණියෝ.

හවස 6 ට විතර මතුගම නගරයට එන අටු වැහිලිහිණියෝ නිසා මතුගම අහස වැහි වලකුළක් වගේ වැහිලා යනවා. ටික වෙලාවක් අහසේ සැරිසරන ,ඒ කුරුල්ලන් මතුගම නගරයේ විදුලි රැහැන්, දුරකථන රැහැන්, ගොඩනැගිලිවල ලැඟුම් ගන්නවා. පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර කිව්වේ ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නන සංක්‍රමණික පක්ෂියා මේ අටු වහිලිහිණි කියලා.

මෙයාලා සාමාන්‍යයෙන් වාසය කරන්නේ යුරෝපය, ඇමෙරිකාව, අප්‍රිකාවේ. ශීත කාලයත් එක්ක කෑම බහුල ප්‍රදේශ හොයාගෙන සංචාරය කරනවා. ඒ විදියට තමයි අටු වැහිළිහිනියන් ලංකාවට එන්නේ. පරිසරවේදීන් කියන්නේ දවසකට 70,000 ක් පමණ අටු වැහිළිහිනියන් දවසකට මතුගම නගරයට එනවා.


News Articles
Latest Videos
Most Popular Post