News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

ත්‍රීරෝද රථත් ගණන් උස්සයි

984 Views


ත්‍රීරෝද රථත් ගණන් උස්සයි

ඉන්ධන මිල ඉහල නැංවීම හේතුවෙන් හෙට සිට ත‍්‍රීරෝධ රථ ප‍්‍රවාහන ගාස්තු ඉහල නැංවීමට ත‍්‍රීරෝධ රථ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

සමස්ථ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝධ රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එම ගාස්තු ඉහල නැංවීම පළාත් මට්ටමින් සිදු කරන බවයි. බස්නාහිර සහ දකුණු පලාත් වල 2 වන කිලෝමීටරය සදහා වන ගාස්තුව රුපියල් 50 ක් දක්වා රුපියල් 10 කින් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.

එම පලාත් වල පලමු කිලෝමීටරය සදහා වන රුපියල් 60 හි ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි ත‍්‍රීරෝධ රථ සංගම් සදහන් කලේ.නැගෙනහිර උතුරු මැද ඌව වයඹ සහ සබරගමුව පලාත් වල පළමු කිලෝමීටරය සදහා වන ගාස්තුව රුපියල් 80 දක්වාත් 2 වන කිලෝමීටරය සදහා වන ගාස්තුව රුපියල් 60 දක්වා ඉහල දැමීමට නියමිතයි

මේ අතර ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් දැනුවත් වීමට අදාල කරුණු විමසමින් අද මුදල් අමාත්‍යංශය වෙත සන්දේශයක් යොමු කරන බව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චිරන්ත අමරසිංහ සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ අද සිට ක‍්‍රියාත්මක ඉන්ධන මිල ඉහල නැංවීම හේතුවෙන් යතුරුපැදිකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

රජයේ ඉන්ධන මිල ඉහල නැංවීමට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගම ද ඊයේ මධ්‍යම රාත‍්‍රි සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මීල ඉහළ නංවා තිබෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 155ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රලේ ලීටරයක මිල රුපියල් 172ක්.

නව මිල සංශෝධනයට අනුව අයි ඕ සී සමාගමට අයත් ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 129ක් වනවා. අයි ඕ සී සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 141ක්.

මිල සූත‍්‍රයට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබුවේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදියි. රුපියල් 149 ක් ලෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 155 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 161 සිට රුපියල් 169 දක්වා රුපියල් 8 කින් ඉහල නංවා තිබෙනවා. රුපියල් 133 ක් ලෙස පැවති සුපර් ඞීසල් ලීටරයක මිලද ඉහල නංවා ඇත්තේ රුපියල් 8 කින්.

සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 141 ක්. කෙසේවෙතත් මේ යටතේ ඔටෝ ඞීසල් මිල ඉහල නංවා නැහැ.


News Articles
Latest Videos
Most Popular Post