News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

මිනිස් උගුලකට කොටියෙක් හසුවෙයි

676 Views


මිනිස් උගුලකට කොටියෙක් හසුවෙයි

මද්දකට හසු වි තේ වත්තේ මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් ඊයේ (02) දින පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලය පවසනවා.

නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ මිය ගිය කොටියෙකුගේ සිරුර තිබෙන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරි දැනුවත් කිරීමෙන් පසු වතු පාලන අධිකාරි විසින් ඒ බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දි තිබෙනවා.

අවුරුදු 8 පමණ වයසැති හොදින් වැඩුණු කොටියා අඩි 7 පමණ දිගකින් යුක්ත බවත් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ජලය, ආහාර සහ ගොදුරු සොයා පැමිණෙන වන සතුන් ඇල්ලිම සදහා දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කොටියා හසු වි ඇති බවත්, මද්ද කඩාගෙන දිවගොස් ඇති කොටියා මිය යාමෙන් පසු දඩයම් කරුවන් විසින් කොටියාගේ සිරුරේ පැටලි තිබු මද්ද ගලාවගෙන ගොස් ඇති බව සදහන්.

මෙසේ සොයාගත් කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මිනිපේ පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post