News Line| Off Air| Games
Generic placeholder image

Dec
2

ටියුනීසියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

462 Views


ටියුනීසියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු අප්‍රිකානු ටියුනීසියාවේ කඳුකර ප්‍රදේශයකදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත්, 30ත් අතර වයස්වල පසුවන අයයි.

ටියුනීසියාවේ දේශීය සංචාරකයන් අතර ප්‍රකට අයින් ධරාම් ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ මෙම නගරය පිහිටා තිබෙනවා.

තියුණු වංගුවක් ගැනීමට යාමේදී බස් රථය ගංඟාවක් අසළ ප්‍රපාතයකට පෙරළී ඇති අතර, අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

ටියුනීසියාවේ මෙවැනි මාර්ග අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේදී ප්‍රකාශ කළේ එය යුද්ධයෙන් ඇලළුණු ලිබියාව හැරුණු කොට උතුරු අප්‍රිකාවේ මාරක මාර්ග අනතුරු බහුලතම රට බවයි.


News Articles
Latest Videos
Most Popular Post