පහුගිය දා දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරපු වැඩ වර්ජනය නිසා මඟින් කබලෙන් ලිපට වැටුණා. අන්තිමේදී මිනිස්සුන්ගේ පිහිටට ආවේ යුධ හමුදාව. හමුදාවේ බස් රථ යොදවලා වර්ජනය නිසා අතරමං වෙලා හිටිය මඟීන් ගෙවල් වලට යැව්වා.
මේ නිසා හමුදාවේ සියදෙනෙකුට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක් ලබාදීමට සාකච්ඡා කරනවා කියලා මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කරා.
ඔහු මේ බව කියා සිටියේ කෙටිකලකට හමුදාවට පුහුණු කිරීමට ඉන්දීය දුම්රිය රියදුරන් පිරිසක් ලංකාවට ගෙන්වීමට යන බවට ලැබූ තොරතුරක් සම්බන්ධයෙන් කළ විමසීමකදී.
හමුදාවට ලබාදීමට නියමිත දුම්රිය රියදුරු පුහුණුව ඉතා කඩිනම් ලෙස සිදු කරීමට ද සැලැසුම් කර ඇති බව ඔහු කියා සිටියේ.
(inforsrilankanews ඇසුරෙන්)