News Line| Off Air| Games
Generic placeholder image

Apr
8

මව්ලිවිවරුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වෙයි

1006 Views


මව්ලිවිවරුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වෙයි

ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට සහභාගී වී නැවත පැමිණි මව්ලිවිවරුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඊයේ රෝහල්ගත කර තිබෙනවා.

ඒ පුත්තලම කාසිම් නගරයේ පිහිටි ඔවුන් පදිංචි නිවෙස්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සිදු කළ පරීක්ෂාවකදීයි.

ඔවුන් දෙදෙනා හැට පස් හැවිරිදි හා හැට එක් හැවිරිදි වියෙහි පසුවන්නන්.

සෞඛ්‍ය අංශ විසින් ඊයේ දිනයේදී ඔවුන් දෙදෙනාම මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ඉන්දුනීසියාවේ සිට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිටතට නොගිය බව ඊට පෙර සෞඛ්‍ය අංශ මොවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඔවුන් දෙවස්ථානයක ආගමික වතාවත්වලට සහභාගී වී ඇති බව තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මොවුන්ගෙන් හැට එක් හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි.

එමෙන්ම ඔහු පසුගිය 18වනදා මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය උත්සවයකට ගොස් ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව මන්නාරම තාරාපුරම් ප්‍රදේශයද අද සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post