News Line| Off Air| Games
Generic placeholder image

Sep
15

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනනේ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දි ඇති කාලය අදින් අවසන්

988 Views


රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනනේ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දි ඇති කාලය අදින් අවසන්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදින් අවසන් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.

ඒ අනුව, www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

අද දිනයේදී ද ඕනෑම පුද්ගලයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.


News Articles
Latest Videos
Most Popular Post