News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

පරිගණක අස්සේ සඟවා ලංකාවට එවපු අමුතු සත්තු වගයක් කටුනායකදී අත්අඩංගුවට. – Photo

1510 Views


පරිගණක අස්සේ සඟවා ලංකාවට එවපු අමුතු සත්තු වගයක් කටුනායකදී අත්අඩංගුවට. – Photo

රටකින් තවත් රටකට සත්තු යවද්දී අනුගමනය කරන්න ඕන විශේෂ නීති රීති තියෙනවා. මොකද වෙනත් රටක සතෙක්ට අනිත් රටේ දේශගුණයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අනික ඒ සතා නිසා ගෙන්වන රටේ ඉන්න සතුන්ට සහ මිනිසුන්ට හානියක් වෙන්න පුළුවන්.

ඕස්ට්‍රේලියාවේ ඉඳලා පරිඝනකයක් අස්සේ සඟවලා ලංකාවට එවපු අමුතු සත්තු වගයක් රේගුව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඇමතු සතුන් අතර හූනන් සහ කටුස්සන් විශේෂ ඉන්නවා කියලයි වාර්තා වෙන්නේ. කුරියර් සේවාවක් හරහා තමයි මේ සත්තු 32 ලංකාවට එවලා තියෙන්නේ.

භාවිතා කරපු පරිගණකයක් වගේ කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට තමයි මේ සතුන් එවලා තියෙන්නේ. මෙම ගුවන් භාණ්ඩ පාර්සලය භාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වුවත් ඔහු ඇවිත් නෑ. රේගුව පස්සේ කරපු සොයා බැලීම් වලින් ඒ ලිපිනය බොරු එකක් කියලා හොයාගෙන තියෙනවා.

සතුන් 32 ක් කුඩා රෙදි මලු 05 ක දමලා තමයි පරිඝනකය ඇතුලේ එවලා තියෙන්නේ. මෙම සත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ඔවුන් ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී ද, පරපෝෂිතයන් විශේෂයක් ද, අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද , රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද කියලා තාමත් හොයාගෙන නෑ.

දෙහිවල සත්ව උද්‍යානයයේ නිලධාරීන් මෙන්ම , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් සමග සහ ශ්‍රී ලංකා රේගුවේ වන සත්ව ආරක්ෂක නිලධාරීන් මේ සතුන් ගැන පරීක්ෂණ කරනවා. අද (15) දින මෙම සතුන් යළිත් ඕස්ට්‍රේලියාව බලා ආපසු යැවීමට කටයුතු කරනවා කියලා රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post