News Line| Off Air| Games
Generic placeholder image

Jan
19

එපා එපා කියද්දී ICC ය කෝලිට සම්මාන දෙයි.

595 Views


එපා එපා කියද්දී ICC ය කෝලිට සම්මාන දෙයි.

ICC ඊයේ ගිය අවුරුද්දේ සුපිරි ක්‍රිකට් තරු කවුද කියලා කිව්වා. එ්කෙදී වැඩිම සම්මාන ගණනක් දිනා ගන්න විරාත් කෝලි සමත් වුණා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමි වුනේ කෝලිට. එ් වගේම වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන සම්මානයත් ලැබුණේ ඔහුට. මේ සම්මාන දෙකම එකවර දිනා ගත්ත පළවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා විදියට කෝලි වාර්තා අතරට ගියා.

මීට අමතරව ICC ය නම් කරපු වසරේ එක්දින කණ්ඩායමේ සහ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමි වුනෙත් විරාත් කෝලිට. හැබැයි ඉතිං ලංකාවේ එකම ක්‍රීඩකයෙක්වත් එ් කණ්ඩායම් වලට අැතුලත් වෙලා නෑ.

වසරේ ටෙස්ට් න්‍රීඩකයා විදියට සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්. පාකිස්තානයේ හසන් අලී වසරේ නැගී එන ක්‍රීඩකයා විදියට නම් කෙරුණා. හොදම විනිසුරුවරයා වුනේ මරේස් එරස්මස්.

 


News Articles
Latest Videos
Most Popular Post