හදිසි බිද වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
කොළඹ 01 , 02, 03, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට පස්වරු 01 සිට රාත්‍රි 10.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුව ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.
එමෙන්ම අදාල කාලය තුළ කොළඹ 04 සහ කොළඹ 14 යන ප්‍රදේශවලටද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය දැනුම් දුන්නා.