News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

වෙනස්කම් රැසක් සමඟ අද ශ්‍රී ලංකාව සටනට.

2924 Views


වෙනස්කම් රැසක් සමඟ අද ශ්‍රී ලංකාව සටනට.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය අද පැවැත් වෙනවා. ඒ ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 7 තරඟය ආරම්භ වෙනවා. ඊට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.

පළවෙනි තරඟයේ පහසු ජයක් ලබා ගන්න කොදෙව්වන් සමත් වුණා. ඒ නිසා ඔවුන් අද තරඟයට එන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. අද තරඟයේදී ලංකාවේ ප්‍රභල ක්‍රීඩකයෙක් කණ්ඩායමට අහිමි වෙලා තියෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්. පෞද්ගලික හෙතුවක ඔහු පහුගිය දා ආයෙත් ලංකාවට ආවා.

තරඟය පැවැත් වෙන ඩැරන් සැමී ක්‍රීඩාංගනයේදී මීට කලින් එක අවස්ථාවකදී ලංකාව සහ කොදෙව්වන් මුණගැහිලා තියෙනවා. හැබැයි ඒ තරඟය ජය පරාජයකින් තොරව නිමා වුණා. කොදෙව්වන් සහ ලංකාව සටන් වැදුන අන්තිම තරඟ 5 න 3 ක් ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. කොදෙව්වන් දිනලා තියෙන්නේ එක තරඟයක් විතරයි. තරඟ 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.

මැතිව්ස් ගෙන් හිස්වුන ස්ථානයට ධනංජය ද සිල්වා කැඳවන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ඩිල්රුවන් වෙනුවට අකිල අද කණ්ඩායමට කැඳවන්න සූදානමක් තියෙනවා කියලා ආරංචි වෙනව. සියත 24 වෙබ් අඩවියට ආවොත් හවස 7 ඉඳලා සජීවීව තරඟය නරඹන්න ඔබට පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post