News Line| Off Air| Games
Generic placeholder image

Jun
17

විනිසුරුවන්ගේ කෙනෙහිලිකම් මැද ලංකාව කොදෙව් පළවෙනි ඉනිම ආක්‍රමණය කරයි.

1998 Views


විනිසුරුවන්ගේ කෙනෙහිලිකම් මැද ලංකාව කොදෙව් පළවෙනි ඉනිම ආක්‍රමණය කරයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස ඊයේ අවසන් වුණා. දැඩි මතභේදාත්මක දවසක් විදියටයි තරඟයේ ඊයේ දවස අවසන් වුණේ. ඒ විනිසුරුවන් ලංකාව පන්දුව පළුදු කරා කියලා කල චෝදනාව නිසා. මේ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පන්දු රැකීම ප්‍රතික්ෂේප කරලා පිටියෙන් ඉවත් වුණා.

අවසානයේ තරඟය දිවා ආහාරයට ඔන්න මෙන්න තියලා. කොදෙව් පළවෙනි ඉනිම ලකුනු 300 කට සීමා කරන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ඩෙවෝන් ස්මිත් ලකුණු 61 ක් රැස් කරා. රොස්ටෝන් ලකුණු 41 යි.ඩොව්රිච් ලකුණු 55ක් ලබා ගත්තා.

සුපිරි පන්දු යැවීමක නිරත වුන ලහිරු කුමාර කඩුලු 4 ක් බිඳ හෙලුවා. මංගල තරඟයට ක්‍රීඩා කරන රජිත කඩුලු 3 යි. සුරංග ලක්මාල් කඩුලු 2 ක් දවා ගත්තා. ලංකාව දෙවෙනි ඉනිම ආරම්භ කරේ කොදෙව්වන්ට වඩා ලකුණු 47ක් පිටුපසින් ඉඳන්.

ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාව ළකුණු 34 ක් ලබා ගෙන හිටියා. ඒ එක කඩුල්ලක් අහිමි කර ගෙන. කුසල් පෙරේරා ලකුණු 20 කට දැවී ගියා. මහේල උඩවත්ත නොදැවී ලකුණු 11 යි.

 


News Articles
Latest Videos
Most Popular Post