News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

“ලෝකයම වෙසක් සමරන්නේ මැයි 29 ය. අපි විතරක් අප්‍රේල් 29. මේක මහා විහිළුවක්.” – මල්වතු අනුනායක හිමි කියයි.

1271 Views


“ලෝකයම වෙසක් සමරන්නේ මැයි 29 ය. අපි විතරක් අප්‍රේල් 29. මේක මහා විහිළුවක්.” – මල්වතු අනුනායක හිමි කියයි.

වෙසක් පෝය කියන්න ලෝකය පුරාම ඉන්න බෞද්ධ ජනතාවගේ පූජනීය දවසක්. බුද්ධ චරිතයේ වැදගත්ම සිදුවීම් සිදුවුන දවසක් විදියට තමයි වෙසක් පෝය සලකන්නේ. සාමාන්‍යයෙන් වෙසක් පෝය යෙදෙන්නේ වෙසක් මාසයේ.

හැබැයි මේ අවුරුද්දේ වෙසක් පෝය දීලා තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. වෙසක් මාසයේ යෙදිලා තියෙන්නේ අධි පොසොන් පෝය. අපේල් මාසයට වෙසක් පෝය යොදා ගැනීම විහිළුවක් කියලා ඊයේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් පවසනවා. ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනෙකුත් බෞද්ධ රටවල් වෙසක් පෝය දිනය මැයි මාසයේ 29 ය්දිලා තියෙන පෝයට යොදාගෙන තියෙනවා කියලයි උන්වහන්සේ සඳහන් කරේ.

“මැයි මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය වෙසක් පෝය විදියට සලකනවා. මැයි මාසය වෙසක් මාසයයි. එය සම්ප්‍රදායක්. 2018 වෙසක් පෝ දිනට යොදා ගන්න තිබ්බා” කියලයි මල්වතු අනුනායක හිමියන් පැවසුවේ. “අප්‍රේල් 29 වෙනිදා දී තිබෙන පුන් පෝය දිනය බක් මහේ පෝය දිනයයි. ශක රාජවංශය අනුව බක් මස අගට යෙදී ඇති පුන් පෝය දිනය අධිපසලොස්වක පෝය දිනයක් ලෙස සැලකීමේ වරදක් නෑ. හැබැයි වෙසක් පෝය විදියට සැලකීම සුදුසු නෑ.” කියලයි උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කරේ.

මේ වගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසා රටට ජාතියට දුර්විපාක භුක්ති විඳීමට පවා ඉඩ තියෙනවා කියලයි මල්වතු අනුනායක මිහියන් පවසන්නේ. චීනය, ඉන්දියාව, තායිලන්තයත් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ 29 වෙනිදා.


News Articles
Latest Videos
Most Popular Post