News Line| Off Air| Games
Generic placeholder image

Nov
28

ඉහළම අහාර උද්දමනයක් ඇති රටවල් අතර ලංකාව 06 වන තැනට

426 Views


ඉහළම අහාර උද්දමනයක් ඇති රටවල් අතර ලංකාව 06 වන තැනට

ලොව ඉහළම අහාර උද්දමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සටහන් වන්නේ සියයට 86ක් ලෙසයි.

නොවැම්බර් මාසයට අදාලවයි ලෝක බැංකුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතර, ශ්‍රී ලංකාව පසු වන්නේ හය වන තැනයි. ලෝක බැංකු වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට අසූ හයයි. ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට වන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයයි. සිම්බාබ්වේ, උද්ධමනය සියයට තුන්සිය විසි එකක්. එසේම ලෙබනනය සහ වෙනිසියුලාවෙත් ආහාර උද්ධමනය සියයට සියය ඉක්මවා ගොස් තිබෙනවා. එම අගයන් පිළිවෙලින් සියයට දෙසිය අටක් සහ සියයට එකසිය පනස් අටක්. ශ්‍රී ලංකාවට පසුව ලැයිස්තුවේ ස්ථානගත වී ඇත්තේ ඉරානයයි.

ඉරානයේ ආහාර උද්ධමනය සියයට අසූ හතරක් ලෙසයි දැක්වෙන්නේ. එසේ ම මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහලින් සිටීම විශේෂත්වයක්.

රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අට සහ නව වැනි ස්ථානයේ පසුවනවා. එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට හතළිස් එකක් හා සියයට හතළිහක් වනවා. කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට අනූ එකක් ලෙසයි දක්වා තිබුණේ.

එහිදී ශ්‍රී ලංකාව ලොව වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතර සිව්වන ස්ථානයේ පසු වුණා. එම වාර්තාවට අනුව සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සීයට පහකින් අඩු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post