News Line| Off Air| Games
Generic placeholder image

Jul
17

දශමයෙන් ලෝක කුසලානය අහිමි වූ නවසීලන්තයේ ගප්ටිල් ගැන ඔබ නොදන්න කතාව

6354 Views


දශමයෙන් ලෝක කුසලානය අහිමි වූ නවසීලන්තයේ ගප්ටිල් ගැන ඔබ නොදන්න කතාව

මීට අවුරුදු ගාණකට ඉස්සර නවසීලන්තයේ කුඩා දරුවෙකු ඒ කාලෙ නවසීලන්ත ක්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින්ව හමුවන්න ආසාවෙන් බලන් හිටියා. ඒ වන විට මෙම දරුවා එයාගෙ කකුලෙ ඇඟිලි තුනක්ම පෙට්ටි උස්සන ට්‍රක් එකක් කකුල උඩින් ගිහින් අයින්කරන්න වෙලා රෝහල්ගතව සිටියා.

මේ පොඩි දරුවාට හිතාගන්ඩ බැරිවුණ සිද්ධියක් සිදු වුණා. එයා නැවතිලා හිටපු රෝහලට එයාව බලන්න ආවෙ වෙන කවුරුත් නෙමේ, නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින්. ඒ මොහොතේ ෆ්ලෙමින්ට දැනගන්න ලැබිලා තියෙනවා මේ දරුවා එයාව බලන්න කැමැත්තෙන් ඉන්නව කියල.

ඉතින් ෆ්ලෙමින් කොච්චර හොඳ නිහතමානි මනුස්සයෙක්ද කියනවනම් එයා එවෙලෙම මේ දරුවව බලන්න රෝහලට යනවා. එවෙලෙ මේ පොඩි දරුව ගොඩක් සතු‍ටු වුණා. එයාගෙ වීරයා, එයා හුඟක් ආදරේ කරපු ක්‍රිකට් නායකයා රෝහලටම ඇවිල්ල එයාව බලල යන්න ආපු එක ගැන. මේ මොහොතෙ එයාට හිතෙන්න ඇති, මාත් දවසක ෆ්ලෙමින් වගේ ලෝකෙම දන්න ක්‍රිකටර් කෙනෙක් වෙනව කියල.

ඔබ දන්නවද ඒ පොඩ්ඩ අද හැමෝම දන්න ක්‍රිකටර් කෙනෙක්. කකුලෙ ඇඟිලි තුනක් නැතිවුණත්, ඒ කිසිම දේකට එයාගෙ ගමන නවත්තන්ඩ බැරිවුණා. නවසීලන්ත ක්‍රීඩකයෙක් ගහපු එකම එක්දින ද්විත්ව ශතකය එයාගෙ නමට ඉස්සරහින් ලියාගන්න දවසක එයාට පුළුවන් වුණා. දැන් හැමෝම දන්නව ඒ පොඩ්ඩව, ඒ තමයි අපි කවුරුත් ආදරේ කරන මාටින් ගප්ටිල්.


News Articles
Latest Videos
Most Popular Post