News Line| Off Air| Games
Generic placeholder image

Nov
25

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 273 යි

305 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 273 යි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 273 යි.

පසුගිය දින කිහිපය පුරාම යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවලට රුසියානු ප්‍රහාර එල්ල වුණා.

පසුගියදා රුසියාව එල්ල කල මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනය පුරා විදුලිය විසන්දී වුණා.

එසේම මේ වන විට යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර 3ක් ද අක්‍රීය වී තිබෙනවා.

ඒ අනුව යුක්‍රේනයේ විදුලිය විසන්දි වූ අවස්ථාවේ ගත් චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

අද වන විට යුක්‍රේනයේ සමහර ප්‍රදේශවල විසන්දි වූ විදුලිය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේම පසුවූ සතිය තුළ රුසියානු ප්‍රහාර උත්සන්න වීම නිසා යුක්‍රේනයේ නැවත ප්‍රතිසංස්කරණයන් සඳහා වන වියදම් ඉහළ යමින් පවතින බව යුක්‍රේන මුදල් අමාත්‍ය සර්හි මර්චේන්කෝ පවසනවා.

එම ප්‍රතිසංස්කරණ වියදම් සඳහා යුක්‍රේනයට තවත් බටහිර ආධාර අවශ්‍ය බවයි ඔහු පවසන්නේ.

එසේම වසර 40කට පසු යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර සියල්ල වසා දමා ඇති බවත් යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා වූ විශාලතම විදුලිය විසන්ධිය මෙය බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර මේ වන විට යුක්‍රේන – රුසියා යුධ ගැටුමෙන් 15000කට වැඩි පුද්ගලයින් අතුරුදන් වී ඇති බව අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසම පවසනවා.

(ICMP) මෙම කොමිසම පවසන්නේ යුද්ධය අවසාන වීමෙන් පසුවත් වසර ගණනාවක් යනතුරු යුක්‍රේනයේ අතුරුදන් වූවන් පිළිබඳව විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන බවයි.

එසේම රුසියාව සහ යුක්‍රේනය යුධ සිරකරුවන් 100 දෙනෙකු හුවමාරු කර තිබෙනවා.

ඒ අනුව යුක්‍රේනය රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු නිදහස් කල බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන සොල්දාදුවන් 40 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු රුසියාව නිදහස් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post