News Line| Off Air| Games
Generic placeholder image

Oct
6

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 224 යි

235 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 224 යි

රුසියා යුක්‍රේන යුධ ගැටුම ආරම්භ වී අදට දින 224 යි. යුක්‍රේන හමුදාව මේ වන විට යුධ භූමියේ සාර්ථකත්වය සනිටුහන් කිරීමට ක්‍රමක්‍රමයෙන් කටයුතු කරමින් සිටිනවා. ඊයේ දිනයේද රුසියානු පාලනය යටතේ ඇති ප්‍රදේශවලින් යුක්‍රේන වැසියන් නිදහස් කර ගැනීම සිදු කෙරුණා.

එසේම රුසියානු පාලනය යටතේ ඇති ප්‍රදේශ අත්පත් කර ගැනීමටද යුක්‍රේන හමුදාව අඛන්ඩව සිදු කරමින් සිටිනවා.

ඒ අනුව ගෙවුණු සතිය තුල යුක්‍රේන භූමියෙන් කිලෝමීටර් 4000ක් රුසියාවට අහිමි වී ඇති බව යුක්‍රේනය පෙන්වා දෙනවා.

කේසෝන් කලාපය අවට ගම්මාන 10 කට අසන්න සංඛ්‍යාවක් ගෙවුණු දින දෙක තුල නිදහස් කර ගැනීමට යුක්‍රේන හමුදාව සමත්ව තිබෙනවා.

ඒ අනුව යුක්‍රේනයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශයන්හි මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර ක්‍රිමිලනය අද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. රුසියාව අත්පත් කරගත් ඇතැම් ප්‍රදේශ නැවත යුක්‍රේනයට ලබා දීමට හැකි බවට ක්‍රිම්ලනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ඉඟි පලකර තිබෙනවා.

කෙසේ වෙතත් මින් පැහැදිලි වන්නේ යුක්‍රේන භූමිය තුල රුසියානු හමුදාවේ පසුබැසීම බව ඇතැම් මාධ්‍ය පවසනවා.

මේ අතර පුටින් පසුගිය මාසයේ පැවැත්වූ ජනමත විචාරණයේ ප්‍රතිඵලයන්ගෙන් තමා සතුටට පත්වූවා සේම පුදුමයට පත්වූ බවත් ප්‍රකාශ කළා.

රුසියානු සමුහාණ්ඩුව හා එක්වීමට පක්ෂව 89% ක ඉහල ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් මෙම ජනමත විචාරණය ව්‍යාජ ජනමත විචාරණයක් බව යුක්‍රේනය පවසනවා.

යුක්‍රේන හමුදාව ලබන සෑම ජයග්‍රහණයක් පිටුපසම සිටින්නේ බටහිර රටවල් බව අද සැවොම දන්නා රහසක්. එසේම යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ බටහිර ලැදි බවද මෙම ගැටුම්වලට තුඩු දුන් තවත් එක හේතුවක් විය.

කෙසේ වෙතත් යුක්‍රේනය සඳහා අවශ්‍ය නවීන යුධ ආධාර බටහිර රටවලින් තවමත් ලැබෙමින් පවතිනවා.

පසුගියදා ඇමෙරිකාව තවත් ඩොලර් මිලියන 625ක යුධ ආධාර යුක්‍රේනයට ලබා දෙන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් යුක්‍රේන හමුදා ලබන ජයග්‍රහණ හමුවේ නිටෝ මහලේකම් යුක්‍රේන හමුදාවට ප්‍රශංසා කර තිබෙනවා.

එසේම යුක්‍රේනයට අවශ්‍යතාක්කල් නොටෝවේ සහය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post