News Line| Off Air| Games
Generic placeholder image

Jun
8

ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයට අභිෂේකාගෙන් පිළිතුරු

337 Views


ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයට අභිෂේකාගෙන් පිළිතුරු

ගායන ක්ෂේත්‍රයේ ඉහළටම හඹා ගිය ඇය අභිෂේකා විමලවීර. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ඉතා ආදරයෙන්.

ඇගේ ගීතවලට ආදරය කරන සියළුදෙනා අභිෂේකාටත් ඉතා ආදරෙයි. ඒ බව ඇගේ සමාජ මාධ්‍යයේ තබන ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ගෙන් තහවුරු වෙනවා.

මේ කියන්නෙත් එලෙස අභිෂේකාට ප්‍රේක්ෂකයෙක් කියපු කතාවක් ගැන ඇය තැබූ සටහනක් පිළිබදවයි,

එම සටහන පහතින් බලන්න,

අභී….
මටත් තියෙනව කතාවක් කියන්න.
අදින් පස්සෙ මට දෙවැන්නෙක් නෑ.
දෙවැන්න අද ඉඳන් මගෙ ප්‍රථම හා අවසන් පෙම වෙනව නොඅනුමානයි.
කතාවක් තියෙනවනෙ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න අපහසුයි කියල.
ඔව්, මටත් එහෙමයි අමතක කරන්න හිත හදා ගන්න ගොඩක් අමාරුයි.
ඔයා ඇහුව ප්‍රශ්න දෙක ….
“අපිට ආදරේ අයට අපි ආදරේද?”
” අපි ආදරේ අය අපිට ආදරේද ?”
ඔය දෙකටම උත්තරේ “නැහැ”
ඒත් අපිට ආදරේ අයට අපි ආදරේ උනොත් ඔය දෙකටම උත්තරේ ඔව් වෙනව.
අද ඉඳන් මගේ අතීතය නොදන්නවා වුණත්,මට පණටත් වඩා ආදරේ ඔහුට ප්‍රේම කරමින් මන් ඔබේ එක ප්‍රශ්නයකට පිලිතුර ඔව් කියල කියන්නම්
ඔව් ඔහු මගෙන් ඇහුව “රිද්දන්න බැරි කමට ආදරෙ කියනවද ? ” කියල. ඔව් මම එහෙම කිව්ව.
ඒත් මේ මොහොතෙ ඉඳන් මං ඇත්තටම ඔහුට ආදරේ කරනව.
මේ ලෝකෙ කඩන්න බැරි පොරොන්දු ජාතියක් තියෙනව. ඒ තමන් තමන්ට වෙන පොරොන්ද. ඔව් මම මටම අද පොරොන්දු වෙනව. අදින් පසු ඔහු මගෙ දෙවැන්නා නොවෙයි.
එදා ඉඳන් මං ආදරෙයි අභී ඔයා මේ හැඟීම් එක්ක කරන සෙල්ලමට.


පිං….
මං දන්නව මේ වචන නිසාම මං වගේම සමහරු වෙනස් වෙයි.
දෙවැන්නො නැති වෙයි.
තව දෙයක් මං දන්නව,
හිත් නොරිද්දා සමහරු දෙවැන්නන්ගෙන් අයින් වෙයි
තනිවම විඳවයි.
ඉතින් ,,, මට සතුටුයි.කෝ ඔබේ කතාව? ඒ කතාවට තියෙන්නෙ මේ වගේම සතුටු හිතෙන අවසානයක්ද??


News Articles
Latest Videos
Most Popular Post