News Line| Off Air| Games
Generic placeholder image

May
15

ලුණු නැතුව බැරිද ?

289 Views


ලුණු නැතුව බැරිද ?

සමහරුන්ට ලුණු කියන්නෙ ඇබ්බැහියක්. ඉතින් ඇතුවත් බැරි නැතුවත් බැරි කෑමක් තමයි ලුණු. පමණට වඩා ගත්තොත් ලුණු කියන්නෙ මරණයට හේතුවක්.

අධික රුධිර පීඩනය, අස්ථි රෝග, හදවත් රෝග, ආමාශගත පිළිකා,වකුගඩු රෝග, ආඝාතය, ඇදුම, ඔස්ටියෝපොරෝසිස් වගේ රෝගාබාධ ඇති වෙන්නෙ ලුණු නිසා.

අපි කොච්චර ලුණු අඩුවෙන් කන්න හැදුවත් අපේ ආහාර ක්‍රමවේදය ඊට ඉඩ දෙනවද ?
කරවල කල් තියාගන්න, නිර්දේශිත ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලුණු දානවමයි.

ඉතින් කරවලවල අධික ලුණු අපේ ශරීරගත වීම පාලනය කරන්න, අපිට පුළුවන්. ඒ කොහොමද ?

උයන්න කලින් පැය බාගයක් කරවල, උණුවතුරෙ දාලා තියන්න. එතකොට කරවලවල තියෙන ලුණු 50%ක් අඩුවෙනවා. ඒ වගේම උයන්න කලින් කරවල, පැය බාගයක් පොල් වතුරෙ දාල තියන්නත් පුළුවන්. අන්න එතකොටත් කරවලවල තියෙන ලුණු අඩු වෙනවා.

අනික බත්. බත්වලට ලුණු අනිවාර්යයෙන් ම දාන්න ඕනෙ කියලා දෙයක් නෑ. බත් එකේ අමු රහක් එනව නම්, කුරුඳු, රම්පෙ වගේ දෙයක් එකතු කරන්න, ඔයාට පුළුවන්. ඒත් ඒවගෙන් ඇත්තටම ලුණු රහක් එන්නෙ නෑ කියල ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් ඔයා ලුණු ඇබ්බැහියෙන් මිදුණොත්, රම්පෙ සහ කුරුඳු, ලුණුවලට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.

තවත් දෙයක්. කෑමවලට ඔයා ඇඹුල් රසය එකතු කරන්න පුරුදු වුණොත්, ලුණු යෙදීමේ අවශ්‍යතාව අඩු කරගන්න ඔයාට පුළුවන්.

ඒ වගේම දවසකට එළවළු හා පලතුරු 5ක්වත් ඔයාගෙ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම්, ලුණු ඇබ්බැහියෙන් ඇතිවන දරුණු තත්ත්ව මඟහරවා ගන්න පුළුවන්.

කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය එක් පුද්ගලයෙකුට දිනකට නිර්දේශ කරලා තියෙන්නෙ ලුණු ග්‍රෑම් 5කටත් වඩා අඩුවෙන්.

ඒත් අපි කොච්චර නම් ලුණු කනවද? ඉතින් බොහොම පරෙස්සමින් ගණුදෙනු කරමු අපි ලුණුත් එක්ක.


News Articles
Latest Videos
Most Popular Post