News Line| Off Air| Games
Generic placeholder image

May
31

ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

247 Views


ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර ඇත. 2022 වසර සදහා ලෝක දුම්කොළ නිවාරණ දිනයෙහි තේමාව වනුයේ දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයකි යන්නයි.

දුම්කොළ ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා වැදගත් හේතුවක් වන අතර බෝ නොවන රෝග වර්ධනය සදහා ප්‍රධාන අවධානම් සාධකයකි. දුම්කොළවල වාණිජ නිෂ්පාදන ප්‍රධාන කාණ්ඩ දෙකකි.

දුම් දුම්කොළ සහ දුම් රහිත දුම්කොළ යන දෙකම සෞඛ්‍යයට අනතුරුදායක වන අතර කිසිදු ප්‍රතිලාභයක්ද ඉන් නොමැත. නිෂ්පාදකයාගේ මගපෙන්වීම යටතේ භාවිතා කළද එහි පරිශීලකයන්ගෙන් අඩක් පමණ මරා දමන එකම වාණ්ජ නිෂ්පාදනය දුම්කොළය.

දුම්කොළ මගින් ලොව පුරා මිලියන 8කට අධික ජනතාවක් මියයන අතර ඔවුන්ගෙන් මිලියන 1.2ක් සාමාන්‍ය දුම් පානයට නිරාවරණය වීම හේතුවෙන් මියයයි.

මැයි 31 දිනට ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් සැවොම එක්ව ක්‍රියාකිරීම පිළිබද අවධානය යොමු කෙරේ.

2015 STEPS සමීක්ෂණයට අනූව ලාංකීය අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගෙන් ¼ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් වන අතර ඔවුන්ගෙන් 15%ක් පමණ දුම්කොළ ආශ්‍රිත දුම්බීම පානය කරන්නන් ද, 15.8%ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් ද වෙයි.

දුම්කොළ වගාව, සැකසීම හා පරිභෝජනය යන සියලුම අවස්ථාවලදී පරිසර හානියක් සිදුවේ. ඒමනිසා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අවම කිරීම මගින් දුම්කොළ මගින් සිදුවන පරිසර හානිය අවම කරගැනීමට හැකිවෙයි.


News Articles
Latest Videos
Most Popular Post