News Line| Off Air| Games
Generic placeholder image

Latest Posts










Sep
9

ජනපති අතින් උතුරු මැද පළාත් උපාධිධාරින් 539 කට ගුරු පත්වීම්

729 Views


ජනපති අතින් උතුරු මැද පළාත් උපාධිධාරින් 539 කට ගුරු පත්වීම්

උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 539 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු වූ අතර සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වා තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post